Monday, October 26, 2009
පොළොන්නරුව ගල් විහාරයේ පිළිම
හිටි පිළිම, හිඳි පිළිම, සහ ඔත් පිළිම යන තුන් ආකාරයේම පිළිම දක්නට ලැබෙන ස්ථානයකි, පොළොන්නරු ගල් විහාරය. මෙය උත්තරාරාමය ලෙස ද හඳුන්වන අතර මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1153-1186) කරවූ බව කියැවේ.
හිටි පිළිමය
හිඳි පිළිම
ඔත් පිළිමය
ඉපැරණි හෙළ කලාකරුවාගේ කලා කෞෂල්‍ය විදහා දක්වන තවත් ප්‍රතිමාවකි, ගල් විහාරයේ ඔත් පිළිමය. මෙහි හිසේ සිට දෙපතුළ දක්වා උස අඩි 46 ක් වන අතර ගල් විහාරයේ විශාලම බුදු පිළිමය ද වේ. සැතපී සිටින කොට්ටය මත වම් අත තබා ගෙන, ඒ අත්ල මත හිස තබා ගෙන සිටී. මෙහි ද සිරුරේ රැළි සමාන්තර ලෙස නෙළා ඇත. හිදි පිළිමයට වම් පසින් පිහිටා ඇති මෙම ප්‍රතිමාව පොළොන්නරුවේ රජකල මහා පරාක්‍රමබාහු රජු කරවූයේ යැයි සැළෙක්. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන තවත් වැදගත් නිර්මාණයකි, බුදු හිමි සැතපී සිටින කොට්ටය. එය අතේ හා හිසේ බරට එරී ඇති පරිද්දෙන් නෙළා තිබීම එහි ඇති වැදගත් කමයි. තවද එම කොට්ටය සියුම් කැටයම් යොදා අලංකාර කොට ඇත. ඇතමෙකුගේ මතය වන්නේ මේ පිළිමය බුදුහිමියන්ගේ පිරිනිවන නිරූපණය කරන බවයි. නමුත් මෙය සැතපෙන පිළිමයක් බව තව ෙකනෙකුග් මතය වි ඇත. ප්‍රතිමාවේ නළල පටුවට නෙළා ඇති අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය කලාත්මක නිර්මාණයකි.
හිටි පිළිමය
සැතපෙන පිළිමයේ හිස පැත්තේ පිහිටි මෙම හිටි පිළිමය උසින් අඩි 22 ක් පමණ වේ. 12 වන ශත වර්ෂයට අයත් වන මෙම පිළිමය බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක අනඳ හිමියන්ගේ යැයි මතයක් පවතී. එයට හේතුව මෙම පිළිමයේ දැක්වෙන විශේෂිත මුද්‍රාවයි. එමෙන්ම බුදු හිමියන්ගේ පිරිනිවන්පෑම නිරූපණය වේයැයි බොහෝ දෙනා විශ්වාස කරන සැතපෙන පිළිමය ළඟම පිහිටුවා තිබීමත් අනඳ හිමියන්ගේ ප්‍රතිමාවක් ලෙස ප්‍රකාශ කිරීමට රුකුලක් විය.
එමෙන්ම හිටි පිළිමයේ තිවංක ගතියක් නිරූපණය වේ. එනම් සිරුර තුන් තැනකින් නැමී ඇති ආකාරයට නෙළා තිබීමයි. ගලින් නෙලූ නෙළුම් මලක් මත නෙළා ඇති පිළිමය වෙනම කුටියක පිහිටුවා තිබූ බවට සාධක පවතී.
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ මතය වන්නේ මෙහි ඇති මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව බවයි. නමුදු මහාචාර් කඹුරුපිටියේ වනරතන හිමියන්ගේ මතය වන්නේ මෙය ත්‍රෛයිලෝක්‍ය විජය මුද්‍රාව බවයි.

මේ ප්‍රතිමාවේ දෙසවන් ලම්බකර්ණ ලෙස නෙළා ඇත. තවද හිසකෙස් වකුටුව නිමකර ඇති අතර පහසුවෙන් වැඩසිටින ඉරියව්වකින් නිමකර ඇත.
හිඳි පිළිම
ගල් විහාරයේ හිඳි පිළිම දෙකක් එකක් විජ්ජාධාර ගුහාවේ පිහිටා ඇත. එය දෙවියන් පිරිවරා සිටි බුදුරදුන්ගේ විලාෂය පිලිබිඹු කරන අගනා පිළිමයක්. මෙය ප්‍රමාණයෙන් කුඩාය. උසින් අඩි 15 ක් පමණ වන අෙනකුත් පිළිමය ද කළාත්මකව නිමකර ඇත. පිළිමවලට පිටුපසින් ඇති පර්වතය කළාත්මක කැටයමින් අලංකෘත කොට ඇත. වැඩහිඳිනා ආසනය කුඩා නෙළුම් පෙති වැනි කැටයමින් සරසා ඇත. තව ද පිළිමයේ නළල් තලය පුළුල්ව ද දෙසවන් හා නාසය දිගටිව ද නෙළා ඇත. මේ හිටි පිළිම වහන්සේගේ දැක්වෙන මුද්‍රාව වනුයේ ධ්‍යාන මුද්‍රාවයි. ඒක අංශ කර ඇති. සිවුරේ රැළි හොඳින් පෙන්වා ඇත. අඩි 15 ක් පමණ උස පිළිමයේ හිස වටා වළල්ලක් ද ඇත. එය කැටයමින් සරසා ඇත. කුඩා පිළිමය නෙළා ඇත්තේ ගලින් ම නෙළන ලද ඡත්‍රයක් යටය. හිස වටා ඇති රැස් වළල්ලේ කැටයම් යොදා නැත.
ඔත් පිළිමය
ඉපැරණි හෙළ කලාකරුවාගේ කලා කෞෂල්‍ය විදහා දක්වන තවත් ප්‍රතිමාවකි, ගල් විහාරයේ ඔත් පිළිමය. මෙහි හිසේ සිට දෙපතුළ දක්වා උස අඩි 46 ක් වන අතර ගල් විහාරයේ විශාලම බුදු පිළිමය ද වේ. සැතපී සිටින කොට්ටය මත වම් අත තබා ගෙන, ඒ අත්ල මත හිස තබා ගෙන සිටී. මෙහි ද සිරුරේ රැළි සමාන්තර ලෙස නෙළා ඇත. හිදි පිළිමයට වම් පසින් පිහිටා ඇති මෙම ප්‍රතිමාව පොළොන්නරුවේ රජකල මහා පරාක්‍රමබාහු රජු කරවූයේ යැයි සැළෙක්. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන තවත් වැදගත් නිර්මාණයකි, බුදු හිමි සැතපී සිටින කොට්ටය. එය අතේ හා හිසේ බරට එරී ඇති පරිද්දෙන් නෙළා තිබීම එහි ඇති වැදගත් කමයි. තවද එම කොට්ටය සියුම් කැටයම් යොදා අලංකාර කොට ඇත. ඇතමෙකුගේ මතය වන්නේ මේ පිළිමය බුදුහිමියන්ගේ පිරිනිවන නිරූපණය කරන බවයි. නමුත් මෙය සැතපෙන පිළිමයක් බව තව ෙකනෙකුග් මතය වි ඇත. ප්‍රතිමාවේ නළල පටුවට නෙළා ඇති අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය කලාත්මක නිර්මාණයකි.
Subscribe to:
Posts (Atom)