පුද්ගලයෙකු ඉපදුනු අවස්ථාවේ සිට ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ මංගල අවස්ථා පවතී. රන්කිරි කටගෑම, නම් තැබීම, ඉඳුල් කට ගෑම, කන්විදීම, අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම, මල්වරවීම, ආවාහ විවාහවීම, ගෙවැදීම ආදිය එවැනි අවස්ථා ලෙස සඳහන් කලහැක. මෙවැනි අවස්ථාවලදී සිංහල බෞද්ධයා විවිධ සිරිත් විරිත් පිළිපදිනු දක්නට ලැබේ. මෙම ලිපියේ පරමාර්ථය යටකි අවස්ථා වලදී අනුගමනය කරන චාරිත්‍ර පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමයි.
මෙම සෑම අවස්ථාවකදී බෞද්ධයන් තෙරුවන් සිහිකොට ආගමික වතාවත් සිදුකරනු ලබයි. එයට හේතුව බෞද්ධයාට ඇති උතුම්ම පිහිට තෙරුවන් බව පිළිගැනීමයි. බොහෝ විට භික්ෂූන් වහන්සේ නමක් වඩම්මවා සෙත් පිරිත් දේශනා කරවා ගැනීමත් දක්නට ලැබේ. මෙවැනි මංගල සම්මත අවස්ථා කීපයක් දැන් සළකා බලමු.
රන්කිරි කටගෑම
අළුත අපන් දරුවාගේ පළමු වරට මුවෙහි කිරි (මව්කිරි) ගෑම රන්කිරි කටගෑමයයි හැඳින්වේ. තම මවගේ තණකිරි සවල්පයක් හා බැලතණකොළ කීපයක් භාජනයකට දමා රන් අභරණයක් හෝ රන් කෑල්ලක් එහි ගාවා නිරෝගී නෑයෙකු විසින් එම කිරි බිඳ දරුවාගේ මුඛයේ තවරනු ලබයි. එම කිරිවලට රන් මිශ්‍රකිරීම නිසා “රන්කිරි” යැයි කියනු ලැබේ.
නම් තැබීම
ඈත කාලයේ දරුවාට නමක් තැබීම සිදුවන දිනයේ ඉතා උත්කර්ෂවත් උත්සවයක් පවත්වනු ලැබීය. නමුත් වර්තමානයේ එසේ සිදු නොවන අතර ඒ වෙනුවට දරුවාගේ ජන්ම වේලාවට අනුව නැකැත්කරුවන් ලබාදෙන අකුරු යොදා නමක් තැබීම සිදුකරනු ලබයි.
ඉඳුල් කටගෑම
ගැහැණු දරුවෙකු ඉපදී මස 05 න් 07 න් 09 න් හෝ 11 න් ඉඳුල් කටගෑම හෙවත් බත් කැවීම සිදුකරයි. එසේම පිරිමි දරුවෙකුට නම් ඉපදී මාස 06 න් 08 න් 10 න් හෝ 12 න් බත්කැවීම සිදුකරයි. මෙහිදී ලොකු පැදුරක් බිම එලා ඒමත සුදු රෙද්දක් දමන් ලබයි. ඉක්බිතිව එහි තැනින් තැන කෙසෙල් කොල තබා ඒ මත කිරිබත්, කැවුම් කෙසෙල් ගෙඩි ආදී කැවිලි වර්ග තබනු ලබයි. තවද එහි තව තැනින් තැන පොත්පත්, පෑන් පැන්සල් වැනි පාසල් උපකරණ ද මුදල් ද තබනු ලබන අතර ඇතිරිල්ල දෙපස දල්වන ලද පහන් සහිත කළස් දෙකක් ද තබනු ලැබේ. සුභ මොහොතින් දරුවාගේ මව, පියා හෝ වැදගත් වැඩිහිටියෙකු දරුවාට කිරිබත් කෑල්ලක් කවනුලබන අතර ඊට පෙර ඇතිරිල්ල මත දරුවා තබා කැමති දෙයක් ගැනිමට ඉඩ හරිනු ලබයි. එහිදී දරුවා අතට ගත් දෙය අනුව ඔහුගේ රුචිකත්වය හා අනාගතය පිළිබඳ යම් අනුමානයක් ඇතිකර ගැනීම සාමාන්‍ය සිරිතයි.
කණ් විදීම
දරුවාට මාස 06, 07 හෝ 08 ක් පමණ වනවිට කණ විදීම කරනු ලබයි. කර්ණ විජ්ජන මංගල්‍යය වශයෙන් අතීතයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්වූ මෙම මංගල්‍යය වර්තමානයේදී උත්සවයක් ලෙස පැවැත්වීමක් දැකිය නොහැකිය. වර්තමානයේදී දක්නට ලැබෙන්නේ දරුවා දොස්තර මහතෙකු වෙත කැඳවාගෙන ගොස් කණ සිදුරු කරවා ගැනීම දක්නට ලැබේ. කෙසේ වුවත් කණ විදීමෙන් පසු කර්ණාභරණ පළඳවන තුරු කන් පෙති සිදුරේ කරපිංච නැට්ටක් හෝ කරාබු මලෙහි සිහින් නැට්ටක් රඳවනු ලබයි.
හිස කෙස් කැපීම
දරුවාගේ හිසකෙස් පළමුව කැපීම ද ජීවිතයේ තවත් වැදගත් අවස්ථාවකි. මේ සඳහා පන්සලේ හාමුදුරුවන්ට කල්තියා ආරාධනාකොට අදාළ දිනයේදී දරුවාගේ දෙමාපියන් තවත් නෑදෑයන් කීපදෙනෙක් ද සමග විහාරස්ථානයට යති. පසුව පැමිණි පිරිස පන්සිල්හි පිහිටුවා තෙරුවන් වන්දනාකොට සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නියමිත වේලාවට ස්වාමීන් වහන්සේ දරුවාගේ කෙස් රොදක් කපාදමයි. එය නොපෑගෙන තැනකට හෝ ගලා යන ජලයට දමනු ලබයි.
සාමාන්‍යයෙන් දරුවාගේ උපතින් පළමු, තෙවන, පස්වන වැනි විෂම වර්ෂවල හෙවත් ඔත්තේ වර්ෂවල කෙස් කැපීම සිදුකරන අතර දරුවා බහ තෝරන වයසේදී කෙස් නොකැපිය යුතුයැයි මතයක් පවතී.
අතපොත් තැබීම
දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි, අතපොත් තැබීම. දරුවාට වයස අවුරුදු තුනක් පමණ වනවිට සුභ දිනයක, සුභ වෙලාවක “ අතපොත්” තැබීම සිදුකරයි. මෙහිදී සුභ වෙලාවේදී සුභ දිශාවට දරුවාගේ මුහුණ හරවා “ස්වස්ති සිද්ධම්” යැයි කියා දරුවාට අකුරක් දෙකක් ඉලක්කමක් දෙකක් ද කියවා ගල් ලෑල්ලක අකුරක් ලියවීම ද සිදුකෙරේ. වර්තමානයේදී ගල් ගෑල්ලක් සොයාගත නොහැකි නිසා බොහෝවිට භාවිතා කරන්නේ අභ්‍යාස පොතයි. එහි කිසිදු වැරුද්දක් නැත.
මෙය බොහෝ විට ස්වාමීන්වහන්සේ නමක් ලවා සිදුකරවන අතර නියමිත දිනයේදී කිරි බතක් පිළිෙයලකොට ගෙන පන්සලට ගොස් තුනුරුවන් වැඳ කිරිබතෙහි පළමු කොටස බුදුරදුන්ටත් දෙවනුව සංඝ රත්නයටත් පූජාකර දෙවියන්ට පින් දී සෙත් පිරිත් දේශනාව මධ්‍යයේ අතපොත් තැබීම සිදු කෙරේ. උගත් ගිහියන් ලවා ද මෙය සිදු කරවන අවස්ථා ද පවතී. අකුරු කියවන ස්ථානයේ පහනක් දැල්වීම ද සාමාන්‍ය සිරිතයි. අකුරු කියවීමෙන් පසුව දරුවාලවා අකුරු කියවූ හිමි නමට හෝ උගත් පුද්ගලයාට බුලත් හුරුල්ලක් දී වන්දනා කරවනු ලබයි. උගත් අයෙකු ලවා අතපොත් තැබූ විට ඔහුට හෝ ඇයට කිරිබත් වලින් සංග්‍රහකොට දරුවාට ද කිරිබත් කෑල්ලක් කවයි.
පාසල් යන වයස සම්පූර්ණ වූ විට පාසලට යන දිනයේ උදෑසන තෙරුවන් වන්දවා පසුව දෙමාපියන්ට ද වන්දවා පාසලට කැන්දවාගෙන යනු ලබයි. එහිදී පාසලේ විදුහල්පතිතුමාට ද බුලත් හුරුල්ලක් පිළිගන්වා දරුවා ලවා වන්දවනු ලබයි.

No comments:
Post a Comment